mediahumanrights.lk
NewsPolitical

සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..

සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන් ලැබූ ජයග්‍රහණයක් යයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් හිඟයකින් තොරව කළු කඩ මුදලාලිලාගේ පාලනයෙන් තොරව පාරිභෝගිකයන්ට සහල් ලබා ගැනීමට හැකිවන බවද ඔහු පැවසීය.

පැවති රජය විසින් සහල් මිල රුපියල් 98ක් ලෙස ගැසට් කර තිබුණ ද වත්මන් රජය පාරිභෝගිකයන්ට සහන දීමේ අරමුණින් සහල් මිල පහත හෙලීමට උත්සාහ දැරූ බවද ඔහු පැවසුවේය.

නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැන වෙළඳපොලේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බව ද ඔහු පැවසීය.

ඔහු මේ අදහස් පල කලේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »