mediahumanrights.lk
News Political

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මාස තුනකට වඩා රැස් නොවී සිටිය නොහැකි වූ නිසා වහාම ඒ සඳහා අදාල ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයෙක් කටයුතු කළහැකි මාසයක් පමණක් බවත් පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනක් පමණක් බවත් ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම කියා සිටින්නේ පැවති පාර්ලිමේන්තු කැඳවිය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj

සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

Shiran Viraj