30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ‍ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

එසේ නොකර මෙම වෛරසය පාලනය කිරීම ගැටලූ‍ සහගත යැයි ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සකසන ප‍්‍රධාන මාර්ගෝපදේශය ට අනුව ඒ ඒ ආයතන තමන්ගේ මාර්ගෝපදේශ ඇතුළත් කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. අනිද්දා ( 11 ) සිදු වන්නේ රට විවෘත කිරීමක් ලෙස බොහෝ දෙනා අර්ථ ගැන්වූවත් එය ”ඇලට්නස්”‍ (පරික්ෂාකාරී බව) එක අඩු කිරීමක් බවත් හෙතෙම කීවේය.

ඉහළ අවධානය යොමු කරන මට්ටමක සිට මධ්‍යස්ථ අවධානය යොමුකරන මට්ටමක් දක්වා අනිද්දට රට ගෙනෙන බවත් කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙයත් සමග සියයට අසූවක් දක්වා පවත්වාගෙන ගිය සමාජ දුරස්ථකරණය සියයට පනහ දක්වා පමණ අඩු විය හැකි බව සඳහන් කළේ ය.

මෙම ක‍්‍රියාදාමයත් සමඟ රෝගීන් අඩුවීම හෝ වැඩිවීම යන කාරණා දෙක ම සිදු විය හැකි යැයි ද කී හෙතෙම යම් හෙයකින් රෝගී සංඛ්‍යාව ඉහළ ගියහොත් එහි දී කිනම් ක‍්‍රියාමාර්ගවලට එළඹෙන්නේ ද යන්න පෙර සූදානමකින් සිටිය යුතු බවත් කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට ඔබ්බෙන් ජනතාව කටයුතු කළහොත් දරාගත නොහැකි තත්ත්වයක් රට තුළ ඇති විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

පවතින වසංගත තත්වය හොඳින් පාලනය කර ඇතත් රට තවමත් සිටින්නේ ලෙඩ තත්ත්වයේ බවත් කී නවීන් ද සොයිසා මහතා රෝගය උත්සන්න වන්නේද නොවන්නේද යන කාරණා දෙකටම එකසේ අවස්ථාව ඇතැයි ද වැඩිදුරටත් කීවේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj

රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයි

Shiran Viraj

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Shiran Viraj
Translate »