2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.

කොරෝනා වැලදී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Shiran Viraj

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Shiran Viraj

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Shiran Viraj
Translate »