mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ(30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

එසේම එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් 350ක ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබේ.

අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ ඥාතිවරයෙකු බව පැවසෙන අදාළ ආපනශාලා සුපරීක්ෂකවරයා මේ වනවිට අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇති අතර, ඔහු සමඟ බොරළුගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක ලැගුම්ගෙන සිටි එම ආපන ශාලාවේම සේවයේ නියුතුව සිටි කෝකිවරයෙකුද පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

එසේම මෙම සේවකයින් ප්‍රවාහනය කළ බව පැවසෙන ඉංගිරිය, මීරම ප්‍රදේශයේ පදිංචි වෑන්රථ රියදුරෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ද, ඉංගිරිය දොඹගස්කන්ද ප්‍රදේශයේ පදිංචි තවත් කිහිප දෙනෙකුද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර මෙම පුද්ගලයින්ගේ රෝග පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබේ.

lanka lead news

Related posts

දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – Video

Shiran Viraj

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj
Translate »