29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

වසාදැමූ තාරාපුරම් යලි අරී..

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සිට කොරෝණා වයිරස් ආසාදිතයෙකු තාරාපුරම් ගම්මානයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී ගම්මානයේ සැරිසරා ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම් පොලීසිය හා යුදහමුදාව එක්ව පසුගිය 08 වනදා සිට තාරාපුරම් ගම්මානය හුදකලා කිරීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් ගම්මානයේ වැසියන්ට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දීමෙන් පසුව වසාදැමුනු ගම්මානය යලි සාමාන්‍ය තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් පවතින ඇඳිරිනීතිය තාරාපුරම් ගම්මානයට ඇතුලු මන්නාරම් දිස්ත්‍රීක්කයටම ක්‍රියාත්මක වන බවටද ඇඳිරිනීතිය කඩකිරීම් සමබන්ධයෙන් සොයාබැලීමටද යුද හමුදාවෙන් හා පොලීසියෙන් යොදවා ඇති බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..

Shiran Viraj

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Shiran Viraj
Translate »