mediahumanrights.lk
International NewsNews

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

කොවිඩ් නයින්ටීන් වෙරසය හේතුවෙන් එක් දිනක් තුළ මරණ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට බවට අමෙරිකාව පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2108ක් බවයි.

ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් මරණ 18,747ක් වාර්තා වී තිබේ.

එමෙන්ම එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ 2876ක් බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාව තුළ මේ වන විට සුවය ලැබූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,314ක් බව සඳහන්.

නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් සිදුව ඇති අතර එම සංඛ්‍යාව 5820ක් බව බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයි

Shiran Viraj

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj
Translate »