mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.

කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.

මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප‍්‍රදේශද හුදෙකලා කර තිබේ.

මෙම ප‍්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහ

Shiran Viraj

පුහුණු එක්දින තරඟය අද

Shiran Viraj

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹීමට සියල්ල සූදානම්….

Shiran Viraj
Translate »