mediahumanrights.lk
Local NewsNews

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ඇඳිරි නීතිය ක්රිහයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj

මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

Shiran Viraj

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

Shiran Viraj
Translate »