mediahumanrights.lk
Local NewsNews

Corona : නිකවැරටිය වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj

“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්

Shiran Viraj

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj
Translate »