mediahumanrights.lk
NewsPolitical

ජාතික හැඟීම්වල වටිනාකම අද වෙනදාට වඩා හොඳින් දැනෙනවා-අගමැති

ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුබ සෙතට අදාළව පැනවූ නීති රීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේදී ද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමගිය සහ සහජීවනය පිළිඹිබු කරන බවයි.

නිවස තුළ පමණක් සිටිමින් චාරිත්‍ර ඉටුකර අපට අපගේ සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යා හැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ වසර සිය දහස් ගණනක් නොබැඳිව පවත්වාගෙන ආ සිරිත් තුළින් මතු වූ ජාතික හැඟීම්වල වටිනාකම අද වෙනදාටත් වඩා හොදින් දැනෙන බවයි.

චාම් සහ සරළව ද උපේක්ෂා සහගතව මෙවර අලුත් අවුරුද්ද ඔබගේ පවුලේ ඥාතීන් සමඟ පමණක් සමරන ලෙස සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

Shiran Viraj

Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..

Shiran Viraj

නාවිකයින් 5ක් අතුරුදන්

Shiran Viraj
Translate »