25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
International NewsNews

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද සිට අවලංගු වෙයි.

එම නගරය වසා දමා ඇති නමුත් එම නීති අද පටන් ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය ජනවාරි මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පැවතියේය.

නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවයි.

වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

Shiran Viraj

හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීම

Shiran Viraj

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

Shiran Viraj
Translate »