26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 16 ඉක්මවයි-අමෙරිකාවෙන් දිනකට ආසාදිතයින් 33256ක්

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂය ඉක්මවා තිබේ.

අද උදෑසන වන විට පුද්ගලයින් 16 ලක්ෂ 2619 දෙනෙකු වෛරසයට ගොඳුරු වී සිටි අතර ඉන් 95,657 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් සුවය ලැබූ පිරිස තුන් ලක්ෂ 55,671 ක් වෙයි.

ගතවූ පැය 24 තුළ අමෙරිකානුවන් 1872 දෙනෙකු සහ ප්‍රංශ ජාතිකයින් 1341 දෙනෙකු මියගොස් තිබේ.

බ්‍රිතාන්‍යයෙන් මරණ 881 ක් වාර්තා වන අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 600 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි.

නව ආසාදිතයින් වැඩිම පිරිසක් ඊයේ දිනය තුළ දී ද හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 33,256 ක් වෙයි.

දැනට අමෙරිකාවේ පුද්ගලයින් හාර ලක්ෂ 68,000 ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන දෙකයි දශම තුනක පමණ පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මේ අතර රෝහල්වලට ලබාදී ඇති ප්‍රතිපාදන ඊළඟ අදියරට මුහුණ දීම සඳහා ඉතිරි කර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

Shiran Viraj

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Shiran Viraj
Translate »