mediahumanrights.lk
International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

ලොව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18 ලක්ෂ 51,734 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ එක් ලක්ෂ 14,179ක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 22,105ක්.

අමෙරිකාවෙන් වෛරස ආසාදිතයින් පන් ලක්ෂ හැට දහස් හාරසිය දෙදෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබේ.

කොව්ඩි නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය රෝගීන් සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමවණක් බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 737 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 10,612 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

බ්‍රිතාන්‍ය තුළ සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 84,279ක් බව වාර්තා වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන

Shiran Viraj

විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ

Shiran Viraj

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

Shiran Viraj
Translate »