25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් බංග්ලාදේශයේ දුෂ්කරතාවට පත්ව සිටි  ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.

සිසුන් 73 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස  ඊයේ(27) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇත.

සිසුන් පිරිස ඊයේ දින රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1423 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම සිසුන් ඩකා නුවර රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර, ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදු කෙරුණ බව අප වාර්තාකරු පවසයි.

ඔවුන්  ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරිමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ
(under the courtesy of adaderana.lk news web)

Related posts

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

Shiran Viraj

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට..ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

Shiran Viraj
Translate »