mediahumanrights.lk
NewsPolitical

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

පවතින තත්ත්වය මත මළසිරුර වලට යුක්තිය ඉටුකිරීමට ගොස් මුළු රටම මිනී වළට තල්ලූ කළ නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවන් අවස්ථාවක ජාති ආගම් වශයෙන් සලකා තීන්දු ගත නොහැකි බවද පැවසූ ඔහු සියලු දේශපාලන පක්ෂ නායකයන් රජයට සහාය දීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ආගම් ජාති වශයෙන් බෙදී වෙන් වී කටයුතු කළ කටයුතු නොකළ යුතු බවද පැවසීය.

මේ මොහොත මළමිනි සඳහා ආගමික චාරිත්‍ර ඉටු කරන වෙලාවක් නොවන බවත් පොදුවේ මනුෂ්‍යයන් ලෙස කල්පනා කළොත් පමණක් මේ මිනී වලින් එහාට රටක් ලෙස පැනිය හැකි බවත් සියලු දෙනාම මතක තබා ගත යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරසය මර්දනය කිරීමට අපට බෑ කියමින් මග හරින්නේ නැති බවත් ජනතාව වෙනුවෙන් රජයේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

රජයට ලැබෙන සියලුම දායම් මාර්ග අකර්මණ්‍ය වී තිබුණද කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත්ම අතහරින්නේ නැති බවද ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි 

(under the courtesy of lankacnews.com news web)

Related posts

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Shiran Viraj

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

Shiran Viraj
Translate »