mediahumanrights.lk
Local NewsNews

කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..

කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ තමන් ද නොදැන තමන්ගේ ශරීරයට වෛරසය ආසාදනය වූවන් විසින් වෛරසය සමාජගත කිරීම නොදැනීම සිදු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ද එවන් පුද්ගලයන් සිටිය හැකි බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ රටවල ඒ ආකාරයෙන් පුද්ගලයන් සිටින බවත් ඔවුන් විසින් රෝගය විශාල පිරිසක් මත මුදාහරින බවද ඔහු කියා සිටියේය.

ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක ඇති පුද්ගලයනට කොරෝනා වෛරසය ශරීරයට ආසාදනය වූවද එහි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහු රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Shiran Viraj

ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

Shiran Viraj

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Shiran Viraj
Translate »