mediahumanrights.lk
Local News News

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ.

කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ(09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ති‍බේ.

ඒ අනුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් නයින්ටීන් සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කිරීමට ද සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් වෙනත් ඒකකයක් හරහා රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

Shiran Viraj

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

Shiran Viraj