mediahumanrights.lk
Local NewsNews

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත.

එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා සමඟ සමීපව ඇසුරු කළ පිරිස් බව එම අංශය සදහන් කරයි.

ඔහු සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ පස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් මෙම දස දෙනා අතර වෙයි.

කෙසේ වෙතත් මෙම ආසාදිතයන් කිසිවෙකුත් මූලික රෝග ලක්‍ෂණ කිසිවක් මේ දක්වා පෙන්වා නැති අතර නිරෝධායන කර සිටි පිරිසකගෙන් අහඹු ලෙස කරන ලද පරීක්‍ෂණවලදී මේ බව හෙලිව තිබේ.

අද පස්වරුවේ වාර්තා වූ එම ආසාදිතයන් දස දෙනා සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 142 දක්වා ඉහළ ගියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..

Shiran Viraj

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Shiran Viraj

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

Shiran Viraj
Translate »