31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන් විශාල ලෙස වර්ධනය වනු ඇති බව ද සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ජනතාව පවතින තත්වය තේරුම් ගෙන ඊට අනුගත නොවුණහොත් අප්‍රේල් 4 වැනිදා වනවිට කොරෝනා අධි වසංගත තත්ත්වයක් මෙරටට පැමිණීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

යම් ලෙසකින් කොරෝනා රෝගීන් 2000ක් පමණ වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඊට දරා ගැනීමට නොහැකි වන බවත් ඉන් පසු සිදු වන්නේ රෝගීන් දෑස් ඉදිරිපිටම මියයන්නට දී බලාසිටීම පමණක් බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

Shiran Viraj

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj
Translate »