mediahumanrights.lk
Local News News

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව එම මූලස්ථානය සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත් සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති.

මීට අමතරව ඔවුන් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතයි.

මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස්ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..

Shiran Viraj

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

Shiran Viraj