mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට ප්‍රථම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ තානාපතිවරයා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තම ධූර කාලය තුළ අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බව ඔහු පැවසීය. තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය දෙන බව තානාපතිවරයා කීය.

කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් චීනයට දැක්වූ සහයෝගයට  රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් චෙංග් ෂියුආන් මහතා ස්තූතිය පුද කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයට පරිත්‍යාග කළ කලු තේ තොගය,  දිවයින පුරා සිදු වූ ආශිර්වාද පිරිත් පිංකම් තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වෛරසය කඩිනමින් පාලනය කර ඇත. අලුතෙන් ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් ඔහු පැවැසීය.

තානාපතිවරයාට සුබ පැතූ ජනාධිපතිතුමා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය  දෙන ලෙස ඉල්ලා සිටියේය. කොළඹ – රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කළේය.

කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සලසන බව ද ජනාධිපතිතුමා පැවසීය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

‘‘මම පාරෙ යද්දි කවුද කට්ටියක් මාව අල්ලලා කැලේට විසි කරා‘‘ මහියංගනයේ කැලෑවක් මැද මහළු මවක්..!! පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි. (PHOTO)

Shiran Viraj

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත නඩු පැවරීමට අල්ලස් කොමිසම තීරණය කරයි

Shiran Viraj
Translate »