28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම උදෙසා අද සිට ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් භාවිතයට ගනු ලැබූ වාහන නැවැත්වීමේ ස්ථානයක් මේ අනුව විරෝධතා පැවැත්වීම සඳහා වෙන් කරදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයෙන් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් “උද්ඝෝෂණ ස්ථානය” යනුවෙන් නම් කර ඇති පුවරුවක් එහි ප්‍රදර්ශණය කර ඇති අතර විරෝධතා පැවැත්වීම හේතුවෙන් මාර්ග වසා දැමීමට සිදුවීම නිසා ඇතිවන මාර්ග තදබදය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ස්ථානය වෙන් කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj

සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනහමාරක් රටින් ගේන්න වෙයි..

Shiran Viraj
Translate »