mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං රාජ්‍යය වැනි ආසියාවේ ප්‍රබල වෙළඳ මධ්‍යස්ථානවල නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ආසියානු කොටස්වෙළඳපල ද මෙලෙස පහත වැටීමකට ලක්ව ඇති බවයි. ආසියානු කොටස් වෙළඳපල අද මෙලෙස පහත වැටුණේ අමෙරිකානු හා යුරෝපා කොටස් වෙළඳපලවල් ද ඊයේ දිනයේ පසුබෑමට ලක්ව තිබූ පසුබිමකයි.

මේ අතර නවසීලන්තයෙන් පළමු වරට නව කොරෝනා වෛරස් ආසාධිතයෙකු අද වාර්තා වුණා. ඔහු 60 හැවිරිදි වියේ පසුවන ඉරානයේ සිට පැමිණි පුද්ගලයෙක්. බටහිර අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් ද පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද හමුවුණා. ඒ, අඩු සෞඛ්‍ය පහසුකම් ඇති අප්‍රිකානු කලාපයේ රටවල් වලට වෛරසය පැතිර ගියහොත් එයින් ඇතිවන බලපෑම දැඩි අර්බුදයකට හේතුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති පසුබිමක් තුළයි.

මීට අමතරව බෙලරූස්, නෙදර්ලන්තය හා ලිතුවේනියාවෙන් ද නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිළිබඳ අද වාර්තා වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර උතුරු කොරියාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සැපයීම සඳහා එරටට ජාතයන්තරයෙන් පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු තිබෙනවා. කෙසේවෙතත් උතුරු කොරියාව පවසා ඇත්තේ චීනයට මායිම්ව පිහිටා ඇතත් කිසිඳු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවන එකම රට සිය රට බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්

Shiran Viraj

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි

Shiran Viraj
Translate »