mediahumanrights.lk
NewsPolitical

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පති‍්‍රකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ කැබිනට් පති‍්‍රකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මෙලෙස විශේෂ අවදානයකට යොමු කිරීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ.

සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර දින ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා.

ඊට ජනාධිපති ලේකම්වරයා, අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වනවා.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන සියලූ යෝජනා මෙහිදී සලකා බැලෙන අතර අත්‍යවශ්‍ය යෝජනා පමණක් ඊට පසුදින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Shiran Viraj

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

Shiran Viraj

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

Shiran Viraj
Translate »