mediahumanrights.lk
Local NewsNews

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. අගල් 18 ක් උස, කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 805 ක්  බරැති දඹ රන් හිටි පිළිමයක් හා අගල් දෙකක් උස, ග්‍රෑම් 152 ක් බරැති කහ පැහැති හිටි පිළිමයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ මෙම පිළිම නිධානයකින් ලබාගෙන ඇති බවටයි. අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන මොණරාගල, ඩෝසර්වාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද අලුත්කඬේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Shiran Viraj

මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනී

Shiran Viraj

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

Shiran Viraj
Translate »