mediahumanrights.lk
Local News News

‘ටින් මාලු’ ගැටළුව විසඳේ

ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ආනයනික ටින් මාලූ  වරායෙන් නිදහස් කරගැනීම සඳහා මීට පෙර ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සහතිකය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ද අත්‍යවශ්‍යව තිබුණා.⁣

එම ක‍්‍රියාවලිය හේතුවෙන් ටින් මාලූ ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.

කෙසේවෙතත් ටින් මාලූ ආනයනකරුවන් මුහුණ පාන ගැටලූ සම්බන්ධයෙන් ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධීක්‍ෂණයට ලක්වන බැවින් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයද එහි අධීක්‍ෂණයන් සිදු කිරීම අවශ්‍ය නොවන බව ඉකුත්දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දීය යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරීමට තීරණයක්

Shiran Viraj

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj

Listen up: 3 Canadian fashion podcasts you should hear

Shiran Viraj