28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

නව කොරෝනා වෛරසය වයප්තවිමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමගයි.

මේ අතර චීන රජය විසින් ද සිය පුරවැසියන්ට සංචාරක සිමා පනවා තිබෙනවා. මේ හේතුවෙන් චීනයේ පවතින වත්මන් තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සතිපතා සිදුකරන ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (06) දිනයේ සිට මාර්තු මස 28 වෙනිදා දක්වා චීනයේ නගර තුනක් සඳහා සිදුකරනු ලබන ගුවන් ගමන් මෙසේ සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සතිපතා චීනයේ බිජිං හා ෂැංහයි යන නගර දෙක බලා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 04 සිට 02 දක්වාද, කැන්ටන් දක්වා සිදුකරනු ලබන සතිපතා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 07 සිට 03 දක්වා සිමා කිරීමට පියවර ගෙන ඇත.

මෙම ගුවන් ගමන් සිමා කිරීමෙන් පසු අබුඩාබි කළාපය දක්වා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

Shiran Viraj

ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]

Shiran Viraj

CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…

Shiran Viraj
Translate »