2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ.

මේ වන විට ඇයගේ ජීව සාම්පල අවසාන වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකර ඇත.

එහි ප්‍රතිඵලය ලද වහාම එම කාන්තාව රෝහලින් පිටත්කර හරින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මේ අතර කාන්තාව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් සමාජ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම කාරුණික බවත් තමන් සුවපත් කලාට ස්තුති කරන බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)

Shiran Viraj

තරුණයන්ට කෘෂි ව්‍යාපෘති

Shiran Viraj

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

Shiran Viraj
Translate »