mediahumanrights.lk
Local News News

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඇය අද දිනයේ රෝහලෙන් නිදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මසකට ආසන්න කාලයක් අංගොඩ උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ඇයට අවසන් වරට සිදු කරන ලද සියළු සායනික පරික්ෂාවන්හිදී කිසිදු වෛරස් ආසාදිත තත්ත්වයක් නැති බව සහතික කර ගෙන ඇත.

ඒ අනුව ඇය අද දිනයේ ඇය රෝහලින් පිටත් කර යැවීමට තීරණය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Shiran Viraj

රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්

Shiran Viraj