mediahumanrights.lk
International NewsNews

කොරෝනා නිසා චීනයේ ඖෂධ සැල්වලට තහනමක්

චීනයේ නැන්ජින් නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල්වලින් උණට සහ කැස්සට ලබාදෙන ඖෂධ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව උණ සහ කැස්ස ඇති පුද්ගලයින් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගත යුතු බවයි බලධාරීන් පවසන්නේ. එරට හැංෂෝ නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල් සඳහා ද මෙම නීතිය ක්‍රියාත්මක වනවා.

එසේම බීජිං අගනුවර පිහිටි ඖෂධ සැල්වලින් උණට සහ කැස්සට අදාළ ඖෂධ ලබාගන්නා පුද්ගලයින් ලියාපදිංචි කිරීමට ද බලධාරීන් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්. චීන බලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ රට තුළ මියයන පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති පසුබිමක් තුළයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්ති

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj
Translate »