mediahumanrights.lk
NewsSportsSports News

සිම්බාබ්වේ සාර්ථක ආරම්භයක

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (20) දෙවන දිනය යි.

පළමු දිනයට ඊයේ (19) තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙන ක්‍රෙග් අර්වින් ලකුණු 55 යි.

ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය බිඳ වැටුනු කඩුළු 02 හිමිකර ගත්තා.

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කී‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයෙන් ශ‍්‍රී  ලංකාව ලකුණු 90 කින් පරාජයට පත්වුණා.  තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුළු 04 කට ලකුණු 297 යි.

එම ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණයි. නායක නිපුන් ධනංජය එහිදී අර්ධ ශතකයක් රැස්කළා.

ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන බදාදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස දෙකක් තිස්සේ කූඩාරම්වල දුෂ්කර ජීවිතයක් ගෙවයි

Shiran Viraj

"මම ඇඟ හදාගන්න පටන්ගත්තේ කුලී වැඩ කරලා ලැබුන සල්ලි වලින්."ලොවම දිනූ ආසියාවේ කළු සිංහයා කඳුළු සලමින් කියූ කතාව

Shiran Viraj
Translate »