mediahumanrights.lk
NewsSportsSports News

මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට්  ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකයත් සමගයි.

ඒ අනුව මැතිව්ස් පිතිකරණ අංශයේ ස්ථාන 8කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු
මේ වනවිට පසුවන්නේ 16 වන ස්ථානයේයි. ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය ද හිමි කර ගෙන තිබූ අතර, ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම දක්ෂතාව එයයි.

මීට අමතරව කුසල් මෙන්ඩිස් 30 වන ස්ථානයේ සිට 26 වන ස්ථානය දක්වා ද, ධනංජය ද සිල්වා 39 වන ස්ථානයේ සිට 37 වන ස්ථානය දක්වා ද, ඉදිරියට පැමිණ තිබෙනවා. දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි රැුදී සිටින්නේ 11 වන ස්ථානයේයි.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 22 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණීමට සුරංග ලක්මාල් සමත් වී තිබෙනවා. ළහිරු කුමාර 30 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

Shiran Viraj

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj
Translate »