28.9 C
Colombo
2026-08-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවේ.

” මේක රී-ලෝඩ් කර ගන්න පුළුවන් ඩිජිටල් කාඩ් එකක්. තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල දාගන්න පුලුවන්. මැෂින් එකට පෙන්නුවම තමන්ගේ අදාළ රිසිට් එක ලැබෙනවා. ඒ රිසිට් පතත් එක්ක තමන්ගේ ගමන යන්න පුලුවන්. මේක අදම කරන්න යනවා නෙමෙයි, ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරලා එහි අනුමැතිය ආවම අවශ්‍ය කටයුතු සිදුකරනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

ඩිජිටල්කරණයට ගැළපෙන පරිදි දුම්රිය ස්ථාන නවී කරණයට ඉදිරියේදී පියවර ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

” දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය ස්ථාන හරිත දුම්රිය නවතන්පළවල් බවට පරිවර්තනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම දුම්රිය ස්ථාන ඩිජිටල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා වගේම මගී ජනතාවට ටිකට් පතක් වෙනුවට කාඩ් පතක් හදුන්වාදීමට අවශ්‍ය පියවර ගන්නා බව” මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක ඉකුත් දිනවලදී දුම්රිය ස්ථාන කිහිපයක නිරීක්ෂන චාරිකාවලද නිරත වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

Shiran Viraj

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

Shiran Viraj

2026 පාසල් කාලසටහන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිල දැනුම්දීම

Shiran Viraj
Translate »