2026-01-22
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වැස්ස නිසා එන ආපදා ගැන අවදානයෙන් සිටින්නලු

Shiran Viraj

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Shiran Viraj

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Shiran Viraj
Translate »