mediahumanrights.lk
Local News News

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත් වුණා. පසුව සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ සැකකාර පුද්ගලයින් දෙදෙනා, සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගත් බවට එහිදී ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගෙන් ද විමසීමක් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංග­මයේ සභා­පති කීර්ති පැස්කු­වල්

Shiran Viraj

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

Shiran Viraj