27.4 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsPolitical

විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටී අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරිණි.

විදුලිබල ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව  ද සාකච්ඡාවට ලක් විය. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලිබල ක්ෂේත්‍රයට අදාළව සිදුකර ඇති යෝජනා පිළිබදව  මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යෝජනා සදහා අමාත්‍යාංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාව පළ කෙරිණි.

විදුලිබල අවශ්‍යතාව සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබදව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

මෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ඒවා නොව පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් එකගතාවන් බවයි.

එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිසි අධ්‍යයනයන් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Shiran Viraj

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

Shiran Viraj

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

Shiran Viraj
Translate »