30 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

ජනාධිපතිවරයාගේ නියෝග බවට පවසමින් ඇතැම් ආයතන සිදුකරන කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. 

ඒ, අදාළ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජනතාවට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට වාර්තා පළවීමත් සමගයි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ආරම්භ වූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

මෙම හමුවට ජනාධිපතිවරයා ද සහභාගී වුණා. එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර නෙත් නිවුස් වෙත අදහස් පළකළා.

එහිදී “කුණු අයින් කරන්න කියලා ගෙවල්වලට කරදරකාරී විදිහට කෙරෙනවා..සමරහ වෙලාවට රෙදි වේලන්න දාලා තියෙන වැල් පොටවල් පවා අයින් කරන්න කියලා කියනවා…ඔන්න ඔය වගේ පැමිණිළි තිබුණා. ජනාධිපතිතුමා කිව්වේ මං කිව්වයි කියලා පිළිගන්න එපා.. ඔය කට්ටියට මම කිව්වේ නැත්නම්. ඒවට මැදිහත් වෙලා වලක්වන්න කියලා කිව්වා. ” යනුවෙන් සඳහන් කළා. 

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවූ බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ. 

ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව ආරම්භ වුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. ඊට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සිටින පක්ෂ නායකයින් ද සහභාගී වුණා. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

තැපැල් වර්ජනය තවදුරටත්

Shiran Viraj

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj
Translate »