30.3 C
Colombo
2026-08-06
mediahumanrights.lk
International NewsNews

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි.

හවායි දූපත් හා නවසීලන්තය අතර පිහිටා ඇති පැසිෆික් දිවයිනක් වන සමෝවාහි සරම්ප රෝගය පැතිර යමින් තිබේ.

මේ හේතුවෙන් එරටට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

සමෝවාහි සරම්ප රෝගය හේතුවෙන් පළමු මරණය වාර්තා වී තිබුණේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීයි.

අදාළ රෝගයෙන් මේ වන විට ළමුන්ද ඇතුළුව විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම සරම්ප ආසාදිතයන් 1797දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇතැයිද එරට වාර්තා සඳහන් කළේය.

එය පසුගිය සතිය වනවිට හඳුනාගෙන සිටි ආසාදිතයන් ගණන මෙන් දෙගුණයක් බවද සඳහන් වෙයි‍ෙ

මේ අතර සරම්ප එන්නත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමග සෞඛ්‍ය සේවකයන් පිරිසක් සමෝවා දූපත් වෙත යැවීමට ජගත් සංවිධානය පියවර ගෙන තිබුණි.

වසංගත තත්ත්වය රටපුරා පැතිර යාම පාලනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද ජගත් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එමෙන්ම රෝගය පාලනය කිරීමට හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු උපකරණ සහ පහසුකම් සමග විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කණ්ඩායමක් සමෝවා දූපත් වෙත යැවීමට ඕස්ට්‍රේලියානු රජයද පියවර ගෙන තිබේ.

Related posts

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

Shiran Viraj

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj
Translate »