mediahumanrights.lk
NewsSportsSports News

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි.

ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක එකේ රග්බි කණ්ඩායම ලෙස සැලකෙන්නේ එංගලන්ත කණ්ඩායමයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. එංගලන්ත කණ්ඩායම මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ, මෙවර ද ලෝක කුසලානය දිනා ගනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. දකුණු අප්‍රිකාව, වේල්සය පරාජය කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

කෙසේවෙතත්, ලෝක කුසලාන තරඟ ඉතිහාසය අනුව දකුණු අප්‍රිකාව දෙවතාවක් රග්බි ලෝක ශූරතාව දිනාගෙන තිබෙනවා. ඒ, 1995 සහ 2007 යන වසරවලදීයි. 2007 වසරේ පැවති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණේ එංගලන්තය වීම ද විශේෂත්වයක්.

එංගලන්තය මීට පෙර එක් වරක් රග්බි ලෝක කුසලානය හිමි කරගෙන තිබෙනවා. ඒ, 2003 වසරේදීයි. 1991 සහ 2007 යන වසරවල පැවති ලෝක කුසලාන රග්බි තරඟාවලි දෙකේදී එංගලන්තය අනු ශූරයින් බවට පත් වුණා. ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 ට පමණ ආරම්භවීමට නියමිතයි.
 


(under the courtesy of nethnews.lk news web)

Related posts

ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..

Shiran Viraj

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

Shiran Viraj

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

Shiran Viraj
Translate »