mediahumanrights.lk
BusinessBusiness NewsNews

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ පවසනවා.

අදළ නිලධාරින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර සුදුසු විකල්ප වහාම කි‍්‍රයාවට නංවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ලෝක වෙළදපොළෙහි ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 80 ක්ම සපයන්නේ ඉන්දියාවයි. ශී‍්‍ර ලංකාවද ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කරනවා.

ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී ඉන්දියාව එක් කන්නයක සිය ලොකු ලූනු අස්වැන්න නෙළා ගන්නා නමුත් මෙවර මෙම කන්නයේ අස්වැන්න මහ වැසි හේතුවෙන් විනාශ වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීමටද කටයුතු කළා. ඒ වෙනුවට ඉන්දියාව දැන් වෙනත් රටවලින් ලොකු ලූනු ආනයනය කිරීමටද පටන් ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය අවශ්‍යතාව සඳහා සතියකට ලොකු ලූනු මෙටි‍්‍රක් ටොන් 5,000 ක් පමණ ආනයනය කෙරෙනවා.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීමෙන් පසු ශී‍්‍ර ලංකාව පළමු විකල්පය ලෙස තෝරාගත්තේ පාකිස්තානය සහ ඊජිප්තුවයි.

එහෙත් එම රටවල් දෙකේද ලොකු ලූනු තොග මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා.

ලොකු ලූනු අපනයනය කරන චීනය, තුර්කිය, ඉරානය යන රටවලද ලොකු ලූනු තොග අවසන් වෙමින් තිබෙන බවයි වෙළඳපොල වාර්තා පවසන්නේ.  

නෙදර්ලන්තයේ පමණක් ලොකු ලූනු තොග යම් ප‍්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබෙන අතර ශී‍්‍ර ලංකාවට දැන් වැඩි වශයෙන් ලොකු ලූනු ආනයනය කෙරෙන්නේද නෙදර්ලන්තයෙන්.

පවතින හිඟය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ලොකු ලූනු මිල ඉහළ යාමක්ද සිදුව තිබෙනවා. නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ආනයනය කෙරෙන්නේ ටොන් එකක් අමෙරිකානු ඩොලර් 850 කටයි. ඒ අනුව ශී‍්‍ර ලංකාවට ගෙන්වන විටම ලොකු ලූනු කිලෝග‍්‍රෑම් එකක මිල මේ වනවිට රුපියල් 160 ක් පමණ වන බවයි වෙළඳපොල වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

මීට ඇති විකල්ප මොනවා දැයිද නෙත් නිවුස් විමසා බැලීමක් කළා. රතුපාට ලොකු ලූනු වෙනුවට යුරෝපයේ වගා කෙරෙන කහ පැහැති ලොකු ලූනු හෙවත් ‘ගෝල්ඩන් අනියන්’ ආනයනය කිරීම මීට ඇති විකල්පය බවයි එහිදී දැන ගන්නට ලැබුණේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

Shiran Viraj

හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු 'නීරෝ වෙනුවෙන්' ගමක් – අම්මාට සුව පහසු නිවසක්

Shiran Viraj
Translate »