mediahumanrights.lk
Local News News

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් සමත් වු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

අද (25) පස්වරුවේ එම විදේශික කාන්තාවන් දෙදෙනා සහ මග පෙන්නන්නා ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගොස් දිය ඇල්ලෙන් පහල කෙසෙල්ගමු ඔයේ මැද ගල් තලාවක් මත රැදි සිටිමින් ඡායාරුප ගනිමින් සිටියදී එක වරම ඇබඩින් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවත් ඉන් අනතුරුව ගඟ මැද ගල් තලාවේ රැදි සිටි තිදෙනාට එගොඩ විමට නොහැකිව සිටියදි ප්‍රදේශවාසීන් යුධ හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් එක්ව කඹ ලණු යොදාගෙන ඔවුන් තිදෙනාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද පස්වරුවේ සිට වාන් දැමිමට පටන් ගෙන ඇත. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඇබඩින් දිය ඇල්ලට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේ

Shiran Viraj

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩු

Shiran Viraj

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj