mediahumanrights.lk
Local News News

සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයි

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන් පසු මල් අවධියේ දී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති බව ද රජය පෙන්වා දෙයි.

ඒ අනුව ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

Shiran Viraj

ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්

Shiran Viraj

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

Shiran Viraj