28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘ස්කයි නිවුස්’ වෙත අදහස් පල කරමිනි.

2001 ඇමෙරිකාවේ සිදු වු ප්‍රහාර හේතුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් ධුරයෙන් ඉවත් වූයේ නැති බවත් ඔහු කලේ ඇමෙරිකාවේ ආරක්ෂාව තර කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමන්ද සිදු කරන්නේ 2001දී ඇමරිකානු ජනාධිපති කල ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තමනට ඉල්ලා අස්වන්නැයි රටේ ජනතාව ඉල්ලා නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…

Shiran Viraj

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

Shiran Viraj

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj
Translate »