2026-02-09
mediahumanrights.lk
International NewsNews

දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය.

එය මේ වන විට පැයට කිලෝමීටර් දෙසීයක වේගයකින් ගොඩබිම දෙසට ගමන් කරමින් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

සුළි කුණාටු අවධානම හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ වෙසෙන බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

පූරි නගරයේ පමණක් ලක්ෂයක පමණක් පිරිසක් නිවාස වලින් ඉවත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ප්‍රදේශයේ සියලුම පාසැල් සහ විශ්වවිද්‍යාල වසාදමා ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් හේතුවෙන් ප්‍රධාන වරායන් දෙකක මෙහෙයුම් කටයුතුද අත්හිටුවා ඇත.

හදිසි සේවා සඳහා ගුවන් යානා හයක්, හෙලිකොප්ටර් හතක් සහ යුද නෞකා හතක් සූදානම් කර ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි 15වන දා තෙක් නිවාඩු ලබා නොගන්නා ලෙස වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

මේ අතර ඔඩිස්සා ප්‍රාන්තයට ආසන්නයෙන් නැගෙනහිර වෙරළ කලාපයේ පිහිටා ඇති ආන්ද්‍රා සහ තමිල්නාඩු ප්‍රාන්තවලටත් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයි

Shiran Viraj

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

Shiran Viraj
Translate »