26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද (02) නියෝග කළා.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවැයි කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු රැදවුම් භාරයේ සිට අද අධිකරනයට ඉදිරිපත් කළා.

මෙම සැකකරු සන්තකයේ  තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති බැවින්  ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කෙසෙල්වත්ත  පොලීසිය අධිකරණයට පවසා  සිටියා.

මෙම සැකකරු විසින්  ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් සිදු කළ බෝම්බ ප්‍රහාර සිද්ධි ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවට පොලිසිය චෝදනා කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Shiran Viraj

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Shiran Viraj

2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්

Shiran Viraj
Translate »