mediahumanrights.lk
Local News News

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන පාලම් සහ ගුවන් පාලම් සදහා පහර දීමෙ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සූදානම් වන බවට බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දී ඇති වාර්තාවක් මත ආරක්ෂාව සම්බන්ධ ඉහළම බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම මස 6 වන දින හෝ ඊට ආසන්න දිනක මෙකී පහරදීම් සිදු කරනු ඇති බව බුද්ධි තොරතුරු වාර්තා වී ඇතැයි ද එම ලිඛිත දැනුම් දීමේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ වගකීම සියලු නිලධාරීන් දැනුවත් කර කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ප්‍රහාර වැලැක්වීමට ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj