2026-09-05
mediahumanrights.lk
NewsPolitical

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්ත ක්‍රියා මඟින් සිදු වන්නේද ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් බවත් මැතිවරණ කල් දැමීමකින් සිදු වන්නනේද ප්‍රජාතන්ත්‍රවාදය බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙම සිදුවීම ඉතා කනගාටු දායක සිදුවීමක් බවත් පවසන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳන් කළේ බෝම්බ පිපිරෙන අවස්ථාවලත් මිනී මැරුම් සිදුවන අවස්ථාවලත් මෙරට මැතිවරණ පවත්වා ඇති බවයි.

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතු කර ගෙන තවදුරටත් මැතිවරණ කල් දමමින් නිල කාලය දිර්ඝ කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානියක් බව ඒ මහතා වැඩිදුරට පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

Shiran Viraj

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

Shiran Viraj

කම්කරු දිනය අද

Shiran Viraj
Translate »